Our History
ශ්‍රී ඛෙත්තාරාමය, මානවිල, වලහන්දූව, ගාල්ල යනු පූජනීය ස්ථානයක් පමණක් නොවේ; එය දිවයිනේ පොහොසත් අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් පිළිබිඹු කරන සන්සුන් තෝතැන්නක් වන අතර මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ ගාල්ල නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 8 ක් දුරින්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හුවමාරුවට ඉතා ආසන්නව ය. ඛෙත්තාරාම විහාරස්ථානය බුද්ධ ප්‍රතිමා, බුදු සිරිත හා බැදි ඉතිහාස කතා විස්තර කරන වර්ණවත් බිතු සිතුවම් වලින් සරසා ඇත. භික්ෂූන් වහන්සේලාගේ ගාථා සජ්ඣායනා සමඟ සුවඳ දුම් , සුවඳ මුසු වෙමින් සන්සුන් හා ගෞරවණීය වාතාවරණයක් ඇති කරන මෙම විහාරස්ථානය මනස නිවන සාමකාමී ස්ථානයකි. දෙස් විදෙස් සංචාරකයන් ඛෙත්තාරාමය වෙත ඇදී එන්නේ වන්දනාමාන කිරීමට පමණක් නොව එය ලබා දෙන ගැඹුරු සන්සුන් භාවය සහ අධ්‍යාත්මික දියුණුව අත්විඳීමටය. ඛෙත්තාරාමය ලන්දේසි යටත් විජිත යුගය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති විහාරස්ථානයක් වන අතර එය ඔවුන්ගේ යුගයේ ආදායම් පරිපාලනය කළ ස්ථානය විය. දැන් මේ ශාන්ත විහාරය හා බැඳුණු විද්‍යා ප්‍රදීප මහා පිරිවෙන ලොවට බුදු දහමේ පණිවිඩය ගෙන ඒම සඳහා විශ්වීය භික්ෂු සාමණේර, මහ තෙරුන් වහන්සේලා නිර්මාණය කරමින් ජාතියට ඉමහත් මෙහෙවරක් සිදු කරයි. එපමණක් නොව සිරි ධම්මරතන දහම් පාසල විශිෂ්ට මානුෂීය ගතිගුණවලින් යුත් ශිෂ්‍යයා ජාතියට හැඩගස්වා නිර්මාණය කරයි.
Sri Keththaramaya, Manavila,Walahanduwa,Galle is more than just a place of worship; it is a serene haven that reflects the island’s rich spiritual and cultural heritage and the temple is located just 8 kilometers away in the heart of the city of Galle, very close to Pinnaduwa interchange of the southern Expressway. Keththaramaya Temple is adorned with intricate statues of the Buddha, colorful frescoes that narrate tales of devotion and history. This temple is a place of peace, where the scent of incense mingles with the chants of monks, creating an atmosphere of calm and reverence. Visitors, both local and foreign, are drawn to Keththaramaya not only to offer prayers but also to experience the profound tranquility and spiritual upliftment it provides. Keththaramaya is a temple which has a history which goes more than dates back to Dutch colonial era and that was the place they administrated the income in their era. Now Vidya Pradeepa Maha Pirivena which attaches with this calm temple is doing a great service to the nation by creating universal Bikkhu Novice and Maha Theros to convey the message of Buddhism to the world. Not only that the Siri Dhammarathana Dhamma school is moulding and creating the the students to the nation with outstanding human qualities.
We organize regular meetings for mentors who want to share their wisdom and for apprentices who want to find enlightenment.
Buddhist religion is not imposed on our guests. You do not even have to be a Buddhist to come and stay as long as you wish. We teach the way of thinking, not the rules of life.
